ධීවර රැකුම

ධීවර රැකුම

ධීවර රැකුම පුද්ගලික හදිසි අනතුරු රක්ෂණ ආවරණය , හදිසි අනතුරු හේතුවෙන් සිදුවන තුවාල සඳහා ධීවරයින්ට ඕනෑම වේලාවක, ඕනෑම තැනක පුළුල් ආරක්ෂාවක් සලසයි . දැරිය හැකි වාරික සහ පුළුල් ප්‍රතිලාභ පරාසය නිසා ධීවර රැකුම වෙළඳපොළේ ප්‍රමුඛ රක්ෂණ ආවරණයක් ලෙස කැපී පෙනේ.

ප්‍රධාන අංග

  • පුද්ගලික හදිසි අනතුරු ආවරණය (හදිසි අනතුරු මරණය සහ ස්ථිර පූර්ණ හා අර්ධ ආබාධිතභාවය)
  • යතුරුපැදි ආවරණය (පදවන්නා සහ පසුපස ආසන යේ ගමන් කරන්නා යන දෙදෙනාටම)
  • දිවා රෑ පැය 24 පුරා, ලොව පුරා ආවරණය
  • හදිසි අනතුරු හෝ රෝගාබාධ හේතුවෙන් රෝහල්ගත වීමේ දීමනා ආවරණය (රක්ෂිතයා සහ පවු ලේ සාමාජිකයින් සඳහා)
  • ස්වාභාවික මරණයකදී අවමංගල්‍ය වියද ම් ආවරණය (රක්ෂිත සාමාජිකයා සඳහා)
  • රක්ෂිත සාමාජිකයා අතුරුදන් වී මේ ආවරණය
  • ගුවන් ටිකට්පත් ගාස්තු ආවරණය (රක්ෂිත සාමාජිකයා සඳහා)
  • හදිසි අනතුරු මරණයකදී දරුවන් සඳහා අධ්‍යාපන දීමනා ආවරණය

නිෂ්පාදන විස්තර

ඔප්පු කාලය මාස 12
ඇතුළත් වීමේ වයස අවම අවුරුදු – 18
උපරිම අවුරුදු – 69 (70 වන උපන්දිනයට පෙර)
ආවරණය අවසන් වන වයස අවුරුදු 70
සැලසුම් වර්ගය පුද්ගලික
වාරික වර්ගය වාර්ෂික වාරිකය

ප්‍රතිලාභ

විකල්පය 1 විකල්පය 2 විකල්පය 3
රක්ෂිත මුදල රු. 1,200,000/- රු. 1,500,000/- රු. 2,000,000/-
I) පුද්ගලික හදිසි අනතුරු ආවරණය (රක්ෂිත සාමාජිකයාට පමණි)
  • හදිසි අනතුරු මරණය
  • ස්ථිර පූර්ණ ආබාධිතභාවය
  • ස්ථිර අර්ධ ආබාධිතභාවය
  • පැය 24 සහ ලොව පුරා ආවරණය, යතුරුපැදි ධාවනය ද ඇතුළුව (පදවන්නා හෝ පසුපස ආසනයේ ගමන් කරන්නා ලෙස)

1,200,000/-
1,200,000/-
600,000/-

1,500,000/-
1,500,000/-
750,000/-

2,000,000/-
2,000,000/-
1,000,000/-
II) හදිසි අනතුරු හෝ රෝගාබාධ හේතුවෙන් රෝහල්ගත වීම (ගෙවිය හැකි උපරිම දින 14; අවම වශයෙන් දින 3 ක රෝහල්ගත වීමක් අවශ්‍යයි) දිනකට රු. 500/- දිනකට රු. 500/- දිනකට රු. 500/-
III) අවමංගල්‍ය වියදම් (ස්වාභාවික මරණයකදී පමණි) 200,000/- 200,000/- 200,000/-
IV) රක්ෂිත සාමාජිකයා අතුරුදන් වීම (උපරිම මාස 12) මසකට 7,500/- මසකට 7,500/- මසකට 7,500/-
V) ටිකට්පත් ගාස්තු ආවරණය (ධීවර කටයුතුවලදී සිදුවන හදිසි අනතුරු සඳහා නැවත සිය රට පැමිණීමේ ගුවන් ගාස්තු) 40,000/- 40,000/- 40,000/-
VI) දෙමාපියන්ගේ හදිසි අනතුරු මරණයකදී දරුවන් සඳහා අධ්‍යාපන දීමනාව (දරුවන් 02 දෙනෙකු සඳහා උපරිම වසර 01) එක් දරුවෙකුට මසකට 1,000/- එක් දරුවෙකුට මසකට 1,000/- එක් දරුවෙකුට මසකට 1,000/-

* සියදිවි නසා ගැනීම , ස්වයං-සිදුකරගත් තුවාල, මානසික අසමතුලිතතාව, මත්පැන් ඇබ්බැහිය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, AIDS සහ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STDs) හේතුවෙන් ඇතිවන කිසිදු හිමික ම් පෑමක් ආවරණය නොවේ.

** නියමයන් සහ කොන්දේසි අදාළ වේ.

ධීවර රැකුම සමඟින් ඔබේ ශක්තිය තහවුරු කරගන්න

රෝහල්ගත වී මේ ප්‍රතිලාභ, අවමංගල්‍ය ආධාර සහ යතුරුපැදි ආවරණය ඇතුළුව , දිවා රෑ පැය 24 පුරා ලොව පුරා හදිසි අනතුරු ආවරණයක් සමඟින් පුළුල් ආරක්ෂාවක් අත්විඳින්න.

ජීවිතය ඔබව – කොතැනට රැගෙන ගියත් ඔබේ ආරක්ෂාව සහ සිතේ සැනසීම සහතිකයි.

අයදුම් කරන්න

හෝ ඔබට ඇති ගැටළු ඊමේල් මාර්ගයෙන් අප වෙත යොමු කරන්න